නව කොරෝනා වෛරසය ඉතා ශීඝ්‍ර ලෙස පැතිර යාම හේතුවෙන් සෑම රටක්ම සමාජ දුරස්ථ භාවය කෙරෙහි තම අවධානය යොමු කර තිබේ. මෙසේ සමාජ දුරස්ථභාවයට ඉඩ දීම සඳහා නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් අවන්හල විසින් ඉතා සුවිශේෂී පියවරක් අනුගමනය කර ඇත. ඔවුන් තම අවන්හල තුළ තනි හරිතාගාර
නිර්මාණය කර ඇති අතර තම පාරිභෝගිකයන්ට ඒ තුළින් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගත හැකි බව පෙන්වා දී තිබේ.


අගුළු දැමීම අවසන් වූවද නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා යම් කාලයක් ගතවන බැවින් සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම අවශ්‍ය වනු ඇත.  ඇම්ස්ටර්ඩෑම් අවන්හල මීට විසඳුමක් ලෙස සිදුකර ඇති මෙම ක්‍රියාව බොහෝ දෙනාගේ ඇගයීමට ලක්ව තිබේ. ඔවුන් තම අවන්හල තුළ තනි හරිතාගාර ඉදි කිරීම තුලින් සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කර ගත හැකි බව පෙන්වා දී ඇත. එමෙන්ම තම අවන්හලට පැමිනෙන පාරිභෝගිකයන්ට ද මේ හරහා වැඩි ආරක්ෂාවක් සපයන බව ඔවුන් පවසා ඇත්තේ ජනතාව තුළ විශ්වාසයක්ද ඇති කරමිනි.

මේ මොහොතේ මෙය අත්හදා බැලීමක් වන නමුත් මැයි 21 වන දින සිට මෙම ක්‍රමවේදය යටතේ තම අවන්හල විවෘත කිරීමට බලාපොරොත්තු වන බව එහි කාර්ය මණ්ඩල ප්‍රධානීන් දන්වා තිබේ.
එමෙන්ම තම කාර්ය මණ්ඩලය  අත්වැසුම් සහ මුහුණු ආවරණ පැළඳ සේවාදායකයන් වෙනුවෙන් විශ්වාසනීය සේවයක් ඉටු කිරීමට සූදානම් බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත. එමෙන්ම ඉදිරියේදී විශාල කණ්ඩායම් සඳහා විශාල හරිතාගාර ඉදිකිරීමට ඔවුහු අපේක්ෂා කරති.  මීඩියාමැටික්හි නිර්මාතෘ විලෙම් වෙල්තෝවන් එන් එල් ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ ද මෙය ඉතා සාර්ථක ප්‍රවේශයක් වන බවයි.

කෙසේ වෙතත් මේ අවස්ථාව වනවිට නෙදර්ලන්තයේ සීමාවන් ලිහිල් කිරීමට පටන් ගෙන ඇති නමුත් මිනිසුන්ට තවමත් මීටර් 1.5 ක පරතරයක් පවත්වා ගන්නා ලෙස එරට රජය විසින් පවසා ඇත. එමෙන්ම මුහුණු ආවරණ පැළඳීමද අනිවාර්ය කර තිබේ.
රිෂ්මි ඉෂාරා