අභිරහස් දැවෙන වස්තුවක් එක්සත් රාජධානියේ අහස තුළ විනාඩි 20 ක පමණ කාලයක් රැඳී තිබූ බවට මීට දින කිහිපයකට ඉහත සුවිශේෂී පුවතක් වාර්තා වී තිබේ.
මෙම ආකාශ වස්තුව පෘථිවිය දෙසට හැරී තිබෙනු දැකගන්නට හැකිවිය. මෙය මිනිත්තු කිහිපයක් මෙසේ පෘතුවිය දෙසට පැමිණෙමින් තිබෙන ආකාරයට අහසේ රැඳී තිබූ බවට ඡායාරූප සාක්ෂිද ලැබී තිබේ.

රාත්‍රී අටට පමණ මෙම සර්පිලාකාර ගිනිදැල් සහිත වස්තුව අහසේ දිස් වී ඇත. මේ දුටු පනස් පස් හැවිරිදි ජෙරී අන්ඩර්වුඩ් විසින් එය මුලින් ඉතා ඝන වලාකුලක් මෙන් දිස් වූ බව පවසා ඇත. එමෙන්ම එය කිසිසේත් වේගයෙන් ගමන් නොකළ බවද ඔහු විශ්වාසයෙන් යුතුව පවසයි.

එමෙන්ම මෙම වස්තුව කිසිසේත් උල්කාපාතයක් නොවිය හැකි බව ඔහු තරයේ පවසා තිබෙන්නේ උල්කාපාත තත්පර ගණනකින් විනාශ වුවද මෙය එසේ සිදු නොවුන බැවිනි. එමෙන්ම මෙය තරුවක්ද නොවන බව ඔහු දැඩි විශ්වාසයෙන් පවසා තිබේ. ගිනි දැල්ලක් වැනි ආකාශ වස්තුව ඉතා සෙමින් සර්පිලාකාරව පහළට පැමිණි බවද ඔහු පවසන අතර පින්තූරවලින් එය පැහැදිලි වේ.

මෙය ගිනි දැල්ලක් ලෙස දුටු බවත් හඳුනා නොගත් මෙම වස්තුව මිනිත්තු 10 ත් 20 ත් අතර කාලයක් අහස හරහා වැටෙන ආකාරය දෙස තමා බලා සිටි බවත් ජෙරී පවසන්නේ දැඩි විශ්වාසයකින් යුතුවයි.  මෙම වස්තුව තැඹිලි පාට දිස්නයක් සහිතව දිස් වූ බව පවසන ඔහු විනාඩි විස්සක් පමන කාලයක් රැඳී තිබීමෙන් පසු ගස් අතරින් එය තමන්ට නොපෙනී ගිය බව සදහන් කර තිබේ. තමන් නිතර යන එන ගඟ ආසන්නයේ මෙවැනි සිදුවීම් දැක ඇති නමුත් මෙය කලින් නොදුටු ආකාරයේ ඉතා සුවිශේෂී සිදුවීමක් බව ඔහු පැහැදිලි කර ඇත. මෙම සුවිශේෂ සිදුවීම පිළිබඳව බොහෝ විද්වතුන්ගේ අවධානය යොමුව ඇති බැවින් මේ සම්බන්ධ නිසි නිගමනයකට එළඹීමට ඉතා ඉක්මනින් හැකිවෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටී.

රිෂ්මි ඉෂාරා