ඇමරිකා එක්සත් ජනපදයේ පොප් තරුවක් වන මැඩෝනාට කොරෝනා පරීක්ෂණයක් ධනාත්මකවීම ගැන කතා බහට ලක්ව ඇත. ඇය COVID-19 ප්‍රතිදේහ සඳහා ධනාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසු පුද්ගලික සාදයකට සහභාගී වී තිබීම එම ආරංචියයි. නව කොරෝනා වෛරස් ආසාදනයෙන් දරුණු ප්‍රතිඵල අත්පත්
කරගෙන සිටින ඇමරිකාව තුළ අනවශ්‍ය ලෙස මිනිසුන් ඒකරාශිවීම සිදු නොකළ යුතු බව එරට රජය විසින් දිගින් දිගටම පෙන්වා දී තිබුණු නමුත් මැඩෝනා සහභාගි වූ මෙම සාදය රජයේ කිසිදු නීතියක් නොපිළිපදිමින් පැවැත්වූ අත්තනෝමතික ක්‍රියාවක් බව කියැවිණි.

මැඩෝනා බ්‍රහස්පතින්දා දිනයේදී තමන්ට කොරෝනා වෛරස ප්‍රතිදේහ ඇති බව අනාවරණය කර තිබුණි. සමාජ මාධ්‍ය තුළ ඇය මෙසේ ප්‍රකාශ කරමින්  ඉදිරිපත් කළ වීඩියෝව හේතුවෙන් ජනප්‍රිය ඡායාරූප ශිල්පී ස්ටීවන් ක්ලයින්ගේ උපන්දින සාදයට මැඩෝනා සහභාගී වීමේ සිද්ධිය බොහෝ දෙනා තුළ මතභේදයට තුඩු දුන් කරුණක් විය. 61 හැවිරිදි ගායකයාව සාදයේදී සමාජ දුරස්ථ නීති නොසලකා හරිමින් දිගු කලක් මිතුරෙකු හා අසල්වැසියෙකු වන ක්ලයින් මහතා වැළඳ ගනිමින් ඉතා සමීපව සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක්  අවදානම් සහගත බව දක්වා සමාජ මාධ්‍යයේ පළ විය.
ඇය පෞද්ගලිකව සහභාගී වූ මෙම සාදයේ සිටි අමුත්තන් කිසිවෙකු මුහුණු ආවරණ පැළඳ සිටීමක් හෝ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීමක් සිදු නොවුන බවටද සමාජ මාධ්‍ය තුළින් තොරතුරු පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් මැඩෝනාගේ කළමනාකරු මිෂෙල් එල් රූයිස් වීඩියෝවක් බෙදාගනිමින් මෙම සාදය ඇගේම නිවසේ තිබූ බවත් ස්ටීවන්ගේ උපන්දිනය සැමරීම සඳහා 5 දෙනෙකු පමණක් පැමිණ සිටි බවත් කියා ඇත.
ඇයගේ නිරෝධායන සගයන්ට ඇගේ දරුවන්ද ඇතුළත් බව ආරංචිමාර්ග පවසන අතර සාදයට එක්වූවන්
 මාසයකට වැඩි කාලයක් නිරෝධායනය වී ඇති බවත් පවසමින් ඇය කිසි විටෙකත් තමා හෝ දරුවන් අවදානමට ලක් නොකළ බව  ප්‍රකාශ කර තිබුණි.
තමා සහභාගි වූ සාදය  මතභේදයකට තුඩු දිය යුතු කරුණක් නොවන බව මැඩෝනාද වැඩිදුරටත් පවසා තිබුණි. එමෙන්ම වෛරසය පැතිරීම හේතුවෙන්  මැඩම් එක්ස් සංචාරයද (Madame X tour) තමා අවලංගු කළ බවත් පෙන්වාදෙන  මැඩෝනා පවසන්නේ තමන් නිරෝධායන නීති වලට අනුකූලව ජීවත්වූ බවය.
සාදයේ වීඩියෝව පහතින්