කුවේටය යනු අර්ධ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් සහිත රජකු සමාන එමීර්  වරයෙකු සිටින රාජ්‍යයකි. දෙමුහුන් දේශපාලන ක්‍රමය තුළ බලය තේරී පත් වූ පාර්ලිමේන්තුවක් සහ කැබිනට් මණ්ඩලයක් තිබේ.
මෙම කුවේට් රාජ්‍යයේ රජකුට සමාන තනතුර දරන්නේ එමීර්වරයාය. කුවේටයේ එමීර්වරු අරාබි අර්ධද්වීපයේ
ගෝත්‍රිකයන්ගෙන් පැවත එන තනතුරකි. එයට පත්වන්නේ අල්-සබා රාජවංශයේ සාමාජිකයෝ ය. ක්‍රි.ව.1700 සිට එම රජ පරපුර ඇරඹී ඇත.
වත්මන් එමීර්වරයා (කුවේට් රජා) සබා අල්-අහමඩ් අල්-ජාබර් අල්-සබා නමැත්තෙකි. ඔහු 2006 ජනවාරි 29 සිට බලයේ සිටී.

කුවේටයේ සිංහාසනයට අනුප්‍රාප්තිකයන් මුබාරක් අල්-සබාගෙන් පැවතෙන්නන්ට පමණක් සීමා වේ . පාලක එමීර් සිංහාසනයට පත්වී වසරක් ඇතුළත උරුමක්කාරයෙකු පත් කළ යුතුය . ඔටුන්න හිමි කුමරු තේරිමද කිසියම් ප්‍රජාතන්ත්‍රවාදයක් මත පිහිටයි. නාමයෝජනා සඳහා ජාතික සභාවේ බහුතරයකගේ අනුමැතිය අවශ්‍ය වේ,  රජු නම් කරන ලද තැනැත්තා ජාතික සභාවේ අනුමැතිය ලබා ගැනීමට අපොහොසත් වුවහොත්, එමීර්ට දෙවන අවස්ථාවක් ලැබෙන අතර පවුලේ සුදුසුකම් ලත් සාමාජිකයින් තිදෙනෙකුගේ නම් අතරින් ඔටුන්න හිමි කුමාරයා තෝරා ගනී.
එමීර්ගේ බලතල 1961 ව්‍යවස්ථාවෙන් අර්ථ දක්වා ඇත. කැබිනට් මණ්ඩලය (රජය) තෝරා ගන්නා අගමැතිවරයා පත් කිරීම ඔටුන්න හිමි කුමරු තේරීම මෙම බලතලවලට ඇතුළත් ය.
වත්මන් කුවේට් රජා පත්වූයේ මීට වසර 14 කට පෙර 2006 දීය.ඊට පෙර සිට රෝගාතුර වූ එමීර් සාද් බලයෙන් ඉවත් කිරීමට 2006 ජනවාරි මාසයේදී කුවේට් පාර්ලිමේන්තුව ඡන්දය ප්‍රකාශ කළේය.  2006 ජනවාරි 15 ​​වන දින එමීර් ජාබර් අල් සබාගේ අභාවයෙන් පසුව අල්-අහමඩ් අල්-ජාබර් එමීර් වූයේය.
පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දය දිනාගත් ඔහු පසුව එරට 15 වන එමීර්වරයා බවට පත්විය.
-(සූසර් ජයනන්ද)