කොරියානු කාන්තාවක් වී.ආර් (Virtual Reality) හරහා තම මියගිය දියණිය සමඟ නැවත එක්වීමේ පුවතක් වාර්තා වී තිබේ. මෙම කොරියානු මවට ඇගේ 7 හැවිරිදි දරුවා අහිමි වී ඇති අතර, අතාත්වික යථාර්ථය
(Virtual Reality) හරහා ඇයව නැවත හමුවී ඇත.

සුව කළ නොහැකි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජැං ජි-සිංට ඇගේ 7 හැවිරිදි දියණිය වන නයියොන් අහිමි විය. ඇයට සහෝදරියන් තිදෙනෙක්ද සිට ඇත.  මෙම ඛේදවාචකය ගැන දැනගත් පසු වීආර්  (Virtual Reality) සමාගමක් පැවසුවේ ඇයගේ පෙනුම, චලනයන් සහ කටහඬ මනාව අනුකරණය කරන ඇයගේ ඡායාරූප, වීඩියෝ සහ ශ්‍රව්‍ය පටිගත කිරීම් කිහිපයක් තිබේ නම් නයෝන් ‘ප්‍රතිනිර්මාණය’ කළ හැකි බවයි.

තම දරුවා නැවත දැකීමේ අවස්ථාව තමන් හට උදා කර දෙන ලෙස ජැං ජි-සිං ඉල්ලා තිබුණි. වී.ආර්. ගෝගල්ස් පැළඳ සිටියදී ජි-සිං මහත්මියට නයෝන්ව දැකගත හැකිවී තිබේ. ජි-සිං මහත්මිය පැමිණි පසු නයියොන් ඇයට ආචාර කිරීමට දිව ආ බවද එම මහත්මිය පවසා තිබුණි.

කෙසේවෙතත් අවුරුදු තුනකට පසු තමන්ගේ දියණියව මෙසේ දැක බලා ගැනීමට අවස්ථාව උදා වීම පිළිබඳව ඇය බෙහෙවින් සතුටු වන බව පවසා තිබුණි. එම ප්‍රදර්ශනය නැරඹීමෙන් පසු බොහෝ දෙනෙකුට නයියොන් මතක් වනු ඇතැයි ඇය බලාපොරොත්තු වන බවද ජි-සිං මහත්මිය පැවසා ඇත.

වර්තමානය තුළ මෙය එතරම් සුලභ නොවූවත් අතථ්‍ය යථාර්ථයන් (virtual reality) හරහා අනාගතයේ දී මියගිය අය සමඟ නැවත එක්වීමට තවත් බොහෝ දෙනකුට හැකිවනු ඇතැයි ඇය විශ්වාස කරයි. තාක්ෂණයේ දියුණුවත් සමග මෙවන් අවස්ථාවන් හිමිවීම තුළින් බොහෝ දෙනෙකුගේ සිත් සතන් ඉන් සුවපත් වනු ඇතැයි ඇය වැඩිදුරටත් පවසා තිබුණි.
(රිෂ්මි ඉෂාරා)
[May03- Gossiplankanews.com]