කොරෝනා වෛරසය හේතුවෙන් රටවල් අගුලු දැමීමේදී ව්‍යාපාරික කටයුතු බොහොමයක් අඩපණ විය. බේකරි ව්‍යාපාරයන්ද මෙසේ අඩපණ වූ ප්‍රධාන වාණිජ අංශයකි. නමුත් e-Commerce හරහා වසා ඇති බේකරි අංශය නැවත විවෘත කර ඇති අතර පාන් සාදන කට්ටල නව ගෘහස්ථ බේකරිකරුවන් හට ලබාදීමේ
ක්‍රමවේදයක් කැලිෆෝනියාවේ ව්‍යාපාරිකයෙකු විසින් හදුන්වාදී තිබේ.

කැලිෆෝනියාවේ අගුළු දැමීම ආරම්භයේදී හෝම්ස් බේක්හවුස් නිර්මාතෘ ආරොන් කැඩෙල් මහතා උත්සාහ කර ඇත්තේ ව්‍යාපාරයේ රැඳී සිටිමින් ඔහුගේ කාර්ය මණ්ඩලය රැකියාවෙහි තබා ගැනීමටයි. කෙසේවෙතත් යීස්ට් සහ පිටි වැනි අමුද්‍රව්‍ය හිඟ වෙමින් පවතින බවත් ගෘහස්ථ පිළිස්සීම් කෙරෙහි ජනතාවගේ ඇති උනන්දුව ඉහළ යන බව්ත් කැඩ්ල් තේරුම් ගෙන තිබේ.  ඊට ප්‍රතිචාර වශයෙන් නිවසටම බේකිං කට්ටල සැපයීම ආරම්භ කිරීමට ඔහු තීරණය කර ඇත.  ඔහුට e-commerce පිළිබඳ අත්දැකීම් නොමැති වුවද විශාල ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් සහ වාණිජ සැපයුම් දාමයක් තිබේ. එබැවින් ඔහු මේ සියල්ලම උපකාර කරගනිමින් මෙම සේවාව ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන යාමට කටයුතු කර තිබේ.

මෙම සේවාව තුලින් පාරිභෝගිකයින්ට පාන් නිවසේදීම පිළිස්සීමට අවශ්‍ය සෑම දෙයක්ම ඇතුළත් පාන් කට්ටල  තම නිවෙස්වලටම ලබාදෙයි. එමෙන්ම තමන්ගේ අවශ්‍යතාවය අනුව විවිධ නිෂ්පාදනයට අවශ්‍ය කට්ටල ඇනවුම් කිරීමේ හැකියාවද මෙම සේවාව හරහා ජනතාවට ලැබේ. කේක්, චොකලට් චිප් කුකීස්, පැස්ටා කට්ටල ආදී විවිධ කට්ටලයන් ද මෙහි ඇතුළත් වේ. මෙම සියලුම කට්ටල සඳහා වැය වන්නේ ඩොලර් 25 කි.

- රිෂ්මි ඉෂාරා -