මේ දිනවල නිරෝධායනය වීමේ අවශ්‍යතා මත පාසල් වල නවාතැන්ගෙන සිටින හමුදාවේ අය යයි දක්වමින්
සමාජ මාධ්‍ය ඔස්සේ පලවන
ඡායාරූපය පිළිබඳ අදහස් පළ කරන
යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, එම ඡායාරූපය අසත්‍ය එකක් බවයි.
සමාජ මාධ්‍ය තුළින් රණවිරුවන් පිරිසක් ගොඩනැඟිල්ලක බිම ඇතිරිලි යොදා ගෙන නිදා සිටින ඡායාරූපයක් සංසරණය වන බවත් එම ඡායාරූපය පිට රටක සිට පළ කර ඇති බවත් යුද හමුදාපතිවරයා  පැවසීය.
මෙවැනි ඡායාරූප පළ නොකරන ලෙස ඉල්ලා සිටි ඔහු කියා සිටියේ රණවිරුවා රැක ගැනීමට උපරිමයෙන් කැප විය යුතු බවයි.