ලංකාවේ ගැබිනි වෛද්‍යවරියක් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරමින් ඉමහත් කැපකිරීමක් කරන
පුවතක් ගැන මේ දිනවල සමාජ මාධ්‍ය තුළ තොරතුරු පළවෙනවා.
 "පිටරටක් නෙවෙයි මේ ලංකාවේ, දිවා රෑ නොබලා රෝගීන්ගේ සේවයට සම්බන්ධ වූ ගර්භනී

වෛද්‍යවරිය" යනුවෙනුයි. මෙම පුවත ලංකාවේ යයි දැක්වූවාට ලංකාවේ වෛද්‍යවරියක ගැන නොවේ.
මෙම අසත්‍ය පුවත, සමූහ කිහිපයකම පළව තිබූ අතර, බොහෝ පිරිසක් ඒ සඳහා විවිධ ප්‍රතිචාර දක්වන
ආකාරයක් දක්නට ලැබුණා.
නමුත්, අනාවරණය වෙන්නෙ මෙම වෛද්‍යවරිය ලංකාවේ නොව මැලේසියාවේ වෛද්‍යවරියක් බවයි.
ෆේස්බුක් සටහනකට මෙම ඡායාරූපය අප්‍රේල් මස 14 වැනි දින එක් කර තිබූ අතර එහි සඳහන් වූයේ
මෙම මැලේසියානු වෛද්‍යවරිය සති 30 ගැබිනියක් බවයි, එමෙන්ම ඇය කොරෝනා රෝගීන් වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බවයි.