නව කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් ලොවපුරා ක්‍රීඩාලෝලීන්ට තමන් කැමති ක්‍රීඩා තරග නැරඹීමේ අවස්ථාව අහිමි වී තිබේ. මේ අතරතුර ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩා තරග නැරඹීම තහනම් කරමින් වුවද තායිවානය සිය බේස්බෝල් සමය ආරම්භ කරන ලදී.
COVID-19 හේතුවෙන් තායිවාන් ජාත්‍යන්තර බේස්බෝල් ක්‍රීඩාංගණයට ප්‍රේක්ෂකයන් කැඳවීමට අවස්ථාවක් හිමි නොවුන නමුත් මෙම තරගාවලියේදී කාඩ්බෝඩ් කටවුට් මගින් ප්‍රීතියට පත් වන ප්‍රේක්ෂකයන්ගේ ඡායාරූප
ප්‍රේක්ෂකාගාරය පුරාවට දකින්නට ලැබුණි. මෙය ඉතා විශේෂිත අවස්ථාවක් ලෙස බොහෝ දෙනා අතර ප්‍රචලිත වී තිබේ.


කාර්යමණ්ඩලයට අමතරව මෙම ක්‍රීඩාංගනය තුළ සිටි එකම පිරිස වූයේ කාඩ්බෝඩ් රූප සහ ඩ්‍රම්ස් වාදනය කරන රොබෝවරු පමණි. දිගින් දිගටම කල් දමනු ලැබූ මෙම තරඟාවලිය අවසානයේ තරඟ කාලසටහනකට අනුව පැවැත්වීමට එරට තීරණය කර තිබුණි. නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙම තරගාවලිය සඳහා ප්‍රේක්ෂක සහභාගීත්වය ලබා ගැනීමට නොහැකි වුවද ඉතා ඉක්මනින් ප්‍රේක්ෂකයන් සහිත තරගාවලියක් පැවැත්වීමට ඔවුන් අපේක්ෂා කරන බව එරට ක්‍රීඩා කාර්යමණ්ඩලය පවසා තිබේ.

තායිවානය  චීනයට සමීප භූගෝලීය සමීපතාවයක් තිබියදීත්  COVID 19 හි පළමු සිද්ධිය එරටින් වාර්තා වී ඇත්තේ දෙසැම්බර් 31 වන දිනයි. නමුත් එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව අඩු මට්ටමක තබා ගැනීමට එරට සමත් වී තිබේ. නමුත් නැවතත් ජනවාරි 21 වන දින චීනයේ වුහාන් සිට ආපසු පැමිණි 55 හැවිරිදි කාන්තාවකට වෛරසය වැළඳීමත් සමග රෝගීන් 388 ක් සහ මරණ 6 ක් තායිවානයෙන් වාර්තා වී තිබේ. නමුත් ඉතා ඉක්මනින් තායිවානය සංචාරක තහනමක් පනවා 500 කට අධික පිරිසකගේ

විශාල රැස්වීම් අවලංගු කර ඇත.  මේ හේතුවෙන් මෙම නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම තරමක් දුරට අවම කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ. එනමුත් පාසල්, ආපනශාලා, බාර් සහ කාර්යාල එහි තවමත් විවෘතව පවතී. තම ජනතාවගේ එදිනෙදා ජීවන කටයුතු මෙන්ම මෙම ක්‍රීඩා කටයුතු ද සුපුරුදු පරිදි පවත්වාගෙන යාමට ඉතා ඉක්මනින් ඔවුන්ට හැකියාව ලැබේ යැයි තායිවාන් රජය බලාපොරොත්තුවෙන් සිටී.


- රිෂ්මි ඉෂාරා - .