මෛත‍්‍රිපාල සිරිසේන මහතා කළ උකුස්සා පිළිබඳ කතාව ගැන පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් ප‍්‍රතිවිරුද්ධ අදහස් ඉදිරිපත් කිරීම පළ රහිත ක‍්‍රියාවක් යැයි හිටපු රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර මහතා සතිඅන්ත පුවත්පතකට පවසා ඇත.



සිරිසේන මහතා එම කතාව කීවේ එක්සත් ජාතික පක්ෂයට යැයි ඔහු එහිදී දන්වා සිටී.

එජාපය සෑමදාම කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ඩැහැගැනීම යැයි ද පැවසූ වාසුදේව මහතා ඒ ගැන අද්දැකීමෙන්ම දන්නා සිරිසේන මහතා උකුස්සා ගැන කතාව කීවේ එම අදහසින් යැයි ද බවසා ඇත.

පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත‍්‍රීවරුන් ඒ ගැන වැරදි අවබෝධයක් ඇති කර ගෙන අනවශ්‍ය කතාවක පැටලී ඇතැයි ද කී වාසුදේව මහතා ඔවුන් කළ යුත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සුහදව කටයුතු කරමින් මැතිවරණය ජය ගැනීමට ක‍්‍රියා කිරීම යැයි ද පවසා ඇත.