ඔස්කාර් සම්මානලාභී සුපිරි හොලිවුඩ් නළු ටොම් හෑන්ක්ස් සහ ඔහුගේ බිරිඳ රීටා විල්සන් යන දෙදෙනාටද කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වී  ඇති අතර මේ වනවිට මෙම පුවත‍ ලොවපුරා උණුසුම් ලෙස පැතිර යමින් පවතී.

ටොම් හෑන්ක්ස් සහ ඔහුගේ බිරිඳ මේ දිනවල සිය නවතම සිනමා පටය වෙනුවෙන ඕස්ට්‍රේලියාවේ ප්‍රචාරක
කටයුතුවල නිරත වෙමින් සිටී. මෙම චිත්‍රපයට නිර්මාණය වන්නේ සුපිරි ගායක එල්විස් ප්‍රෙස්ලිගේ ජීවිත කතාව ඇසුරිනි.

හෑන්ක්ස් මෙම සිනමා පටයේ ප්‍රෙස්ලිගේ දිගුකාලීන කළමනාකරු වූ කර්නල් ටොම් පාකර්ගේ චරිතය රඟ දක්වයි.

රීටා විල්සන් සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගයෙන් පෙළීම හේතුවෙන් දෙදෙනාම වෛරසය පිළිබඳ පරීක්ෂණ සඳහා පෙනී සිට ඇති අතර එහිදී ඔවුන් දෙදෙනාටම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මේ වනවිට ඔවුන් දෙදෙනා ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන්ගේ මෙහෙයවීම මත ප්‍රතිකාර ලබමින් සිටී.