අද  පල්ලෙකැලේ පැවති ශ්‍රී ලංකාව හා බටහිර කොදෙව් අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගයේ නියමිත ඕවර 50 අවසානයේදී සියලු දෙනා දැවී
ශ්‍රී ලංකාව ලකුණු 307 ක් ලබාගත්හ.
පිළිතුරු ලෙස කොදෙව්වන් එම විශාල ලකුණු ගණන
හඹා ගිය අතර අවසන් පන්දු ඕවරයේදී ඒ ආසන්නයටම පැමිණ ජය පෙනි පෙනී පරාජයට පත්වූයේ කඩුළු 9 ට 301 ක් ලබමිනි.
ශ්‍රී ලංකා ඉනිමේදී තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 74 කදී ලකුණු 89 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ කුසල් ජනිත් පෙරේරා (44) සහ කුසල් මෙන්ඩිස් (55) දෙදෙනාගේ පිතිහරඹය ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ලකුණු සංඛ්‍යාව කරා යාමේ පදනම විය.
අංක 8 පිතිකරුවා ලෙසින් පැමිණි වනිඳු හසරංග ලබාගත් ලකුණු 16 වෙනුවෙන් ඔහු මුහුණ දුන්නේ පන්දු 9 කට පමණක් වූවද අවසන් ඕවරයේදී ජේසන් හෝල්ඩර් හමුවේ ගැසූ හයේ පහර කලකට අමතක නොවන්නකි. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 300 කඩයිම පසුකර ගියේ එම හයේ පහරනි.
පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිව්ස් ලබාගත් කඩුළු 4 නිසා අද තරගයේ ජය තීරණය විය.