අන්තර්ජාලය (ඔන් ලයින්) හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇනවුම් කර නිවෙස් වෙතට ගෙනෙවිත් දීමේ වැඩපිළිවෙළක් ලංකා සතොස මගින් අද (25) ආරම්භ කළ බව
ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී ද්ෂ්මන්ත තොටවත්ත මහතා පැවසීය.

ප්‍රථම අදියර වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 6 ක දුරක සිටින පාරිභෝගිකයන්ට අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කළ හැකි අතර ඒ සඳහා පික්මී ඇප් එක ජංගම දුරකථනයේ ස්ථාපිත කරගෙන අවශ්‍ය ආහාර තෝරා ගෙන්වා ගත හැකිය.
 ඉදිරියේදි එම වැඩපිළිවෙළ දීපව්‍යාප්තව සිදුකරන බවද ඒ මහතා පැවසීය.

රුපියල් 500 , රුපියල් 1000 සහ රුපියල් 2000 වටිනා භාණ්ඩ මෙම ක්‍රමය යටතේ ඇනවුම් කළ හැකිය.
සතොස කොළඹ වොක්ෂොල් වීදියේ තොග ගබඩාව මධ්‍ය ලක්ෂය කරගත් කිලෝමීටර 6 ක් වෘත්තාකාර ප්‍රදේශයක අයට පමණක් මෙම පහසුකම ලැබෙන අතර පික්මී ඇප් එකේ සතොස සලකුණ සහිත මෙනුව නොවැටේ නම් එම ප්‍රදේශය තවම අදාළ පහසුකමට අදාළ නොවේ.