[Trending][btop]
[News][stack]

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අද හෙට එන කතා බොරු එන්නෙ මේ මස අගදී

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසානයේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.




එම ප්‍රතිඵල අද නිකුත් කරන බවට පැතිරෙන ප්‍රචාර අසත්‍ය බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ.

එවැනි ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස විභාග කොමසාරිස් ජනාරාල්වරයා ජනතාවට දැනුම් දෙයි.

මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දමන බවට පැතිර යන කට කථා ද අසත්‍ය බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.