අලුත් පක්ෂයක් අපිව හැදුවොත් පාරේ ඇවිද්දවනවා යැයි කියූ අය අද අපේ පක්ෂය කොටස්කාරයන් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.



ඒ සම්බන්ධයෙන් සතුටු වන බව ද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කැස්බෑවේ දී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බලමණ්ඩලය අමතමිනි.

හම්බන්තොට එක්සත් ජාතික පාක්‍ෂිකයා අතහැර කොළඹට නොගොස් හම්බන්තොට ම රැඳී සිටින්නැයි එහිදී නාමල් රාජපක්ෂ මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක්ද කළේය.