අවුරුද්දේ මුල් මාස කීපය ගෙවෙන මේ කාලේදී පාසල් යන වයසේ දුවා දරුවෝ ඉන්න අම්මලා, ටිකක් විතර කාර්යබහුල වෙලා ඉන්නේ මේ දවස්වල පාසල් ක්‍රීඩා උළෙල පැවැත්වෙන නිසයි. ගෙදරදොරේ වැඩ කටයුතු,
නැත්නම් රාජකාරි කටයුතුත් එක්ක බොහොම කාර්යබහුල ජීවිතයක් ගෙවන අම්මලාට මේ හැමදෙයක් අස්සෙම දරුවන්ගේ පෝෂණය ගැනත් හිතන්න වෙනවා.
උදේට ගෙදරින් පාසලට යන දරුවගේ කෑම බීම ටික
අම්මගේ අතින් තෝරගනිද්දී කීයෙන් කීදෙනෙක් නම් දරුවගේ සමබර පෝෂණය ගැන හිතනවාද ?. බොහොම වියළි කාලගුණයක් තියෙන මේ දවස්වල ආහාර වගේම පාන වර්ගත් දරුවට අතිශයින්ම වැදගත් වෙනවා. මේ හැම තෝරගැනීමකදීම දරුවගේ නිරෝගීකමට හානියක් නොවෙන තෝරාගැනීම් සිදුකිරීමත් අම්මා කෙනෙකුගේ අනිවාර්ය වගකීමක්.
ගොඩක් වෙලාවට ඉන්ටර්වල් එකේදී දරුවෝ බලන්නෙම පාට පාට පැණි බීම බීලා බඩ පුරවා ගන්න. හැබැයි මේ පැණි බීම වල අධික සීනි සාන්ද්‍රණයක් තියෙන නිසා ඒවාගෙන් දරුවන්ගේ සෞඛ්‍ය මට්ටම ඉක්මන් පිරිහීමකට ලක්වීම ස්වාභාවිකයි. රසවත් වගේම පෝෂණීය පානයක් දරුවන්ගේ පාසල් බෑගයට එකතුකරන්න අම්මලා සැලකිලිමත් වෙන්න ඕන මේ නිසයි.
සීනි අධිකව ගැබ්වෙලා
තියෙන පැණි බීම වෙනුවට සියයට සියයක් විශ්වාසය තබන්න පුළුවන් දේශීය කිරි සාරය, බාර්ලි හා කොකෝවා සාරයෙන් අනූන, කාබෝහයිඩ්‍රේට් වගේ සිරුරට අවශ්‍ය ශක්තිය එක්කර දෙන පාන වර්ග දරුවන්ගේ පෝෂණය නංවාලන්න දැවැන්ත පිටුබලයක් ලබාදෙන බව වෛද්‍යවරුන්ගේ විශ්වාසයයි. ඒවගේම විටමින් හා ඛණිජ වර්ගත් දරුවන්ගේ සමබර පෝෂණයට අතිශය වැදගත්වෙනවා.
කොළඹ නගරයේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණ කීපයකම සැරි සැරූ අපිට දැකගන්න ලැබුණේ ගොඩක් අම්මලා දරුවෝ වෙනුවෙන් ෂොපින් කරද්දී විවිධාකාරයේ පාන වර්ග තෝරගත්තත් අඩු තරමේ පැකට් එකේ ලේබලේ වත් හරියට නොකියවා ඒ තෝරාගැනීම් කරන බවයි. විශේෂයෙන්ම, ඒ පාන වර්ග වල තියෙන සීනි සාන්ද්‍රණය ගැනවත් අම්මලාට හරිහැටි අවබෝධයක් නැහැ. නොයෙක් නොයෙක් පාන වර්ග වල ලේබල් කියවපු අපිට, දරුවන්ගේ පෝෂණය නංවාලීමට උදව් වෙන ඒ වගේම සුක්රෝස් තේ හැඳි 1ක් වගේ ඉතාම සුළු මට්ටමකින් සීනි අන්තර්ගත වෙලා තිබෙන පෝෂණීය පානයක් හඳුනාගන්න හැකිවුණා. සමබර පෝෂණයකට රුකුල් දෙන, දිනපතා අපි කාටත් වුවමනා වෙන ශක්ති අවශ්‍යතාවයෙන් 8 %ක ප්‍රමාණයක් සැපයෙන මේ පානය Milo.
ඉතිං, දරුවන්ගේ පෝෂණය ගැන හිතන අම්මලාට අපි ආයෙමත් මතක් කරන්නේ වෙළඳපලට ගිහිං හදිස්සියෙන් බඩු ගන්න අතරතුරදී අමතක නොකර දරුවන්ගේ සමබර පෝෂණය ගැනත් දෙවරක් හිතන්න කියලයි.