මොරටුව ප්‍රදේශයේ දැව තාක්ෂණ ශිල්පීන්  ඇතුළු විවිධ වෘත්තීන් 10 කට අයත්   ශිල්පීන් දෙසියයක්  සඳහා  RPL ක්‍රමය යටතේ NVQ (ජාතික වෘත්තීය සුදුසුකම්) සහතික පත් ප්‍රදානය කිරීම විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය  දිනේෂ්  ගුණවර්ධන මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන්
පසුගියදා රාජගිරිය  ජාතික ආධුනිකත්ව හා පුහුණු කිරීමේ අධිකාරියේ ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මෙහිදී  රැස්ව සිටි පිරිස ඇමතූ අමාත්‍යවරයා
 '' අද වේගයෙන් ලෝකයේ දැනුම වෙනස් වෙනවා.  ලෝකය වෙනදාට වැඩියෙන් නව තාක්ෂණික දැනුම නව සොයා ගැනීම් කරා ගමන් කරන්නට පුළුවන්.  මට   මතකයි අපේ රට කණගාටුදායක සුනාමියට ගොදුරුවූ වෙලාවෙ අපි මොරටුවෙ වඩු කාර්මික ශිල්පීන්ගෙ දක්ෂතා ඔප නංවන්න මැදිහත්වුණා. 

අද දිනයේ පවා සමහර විට ඔබ නොදන්න දෙයක් වෙන්න ඇති මොරටු වඩු කාර්මික ශිල්පීන්ගෙ හැකියා තුළින් බිහිවුණු ඒ අලංකාර කැටයම්වලින්  නිමවුණු ලී බඩු එළිසබෙත් මහ රැජින අදත් පාවිච්චි කරනවා.  ලොකයේ බොහෝ රටවල්වලට ගමන් කළ මහ රැජිණ ශ්‍රී ලංකාවෙන් ලැබුණ දේශීය අලංකාර කැටයම්වලින් සමන්විත ඒ ලී බඩු පාවිච්චි කරනවා. කොයි තරම් හැකියාවන් ඇති අයද අපට ඉන්නෙ.  රටේ ඉහළම කෙනා පවා අපේ රූපලාවන්‍ය ශිල්පීන්ගෙන් සේවය ලබා ගත්තා.  ඒ නිසා ඔබේ අත්දැකීම් සම්භාරය ලොවට ගෙන යාමට සහ දේශීයත්වය ඔබේ ක්‍රියාදාමයට එකතු කරන්නට ශක්තිය ධෙර්ය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා  '' යි පැවසීය.