ඉතාලිය 5℃

ස්පාඤ්ඤය 6℃

නිව්යෝක් 5℃

දකුණු කොරියාව 21℃

කැනඩා 4℃

ඊශ්‍රායල් 14℃

UK (London). 7℃

ශ්‍රී ලංකාව 31-33 ℃

ඔය ඉහත තියෙන්නේ virus එක වේගයෙන් ව්‍යාප්ත වන රටවල මේ වකවානුවේ පවතින සාමාන්‍ය උෂ්ණත්වය ,

දැන් කෙනෙක් කියයි මොන බොරුද එහෙනම් ඇයි ඉරාන් වල එහෙම වුනේ කියලා ,

තෙල් තියෙන නිසා ඉරාන් කියන්නේ කාන්තාරයක් කියලා හිතුවට ඇත්තටම කීවොත් මේ දිනවල ඉරාන් වල උෂ්ණත්වය 10℃ යි ,

වැදගත්ම දේ චීනයේ වූහාන් .....

වූහාන්වල මේ virus එක වේගයෙන් පැතිරෙන ජනවාරි මාසේ එහේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් 11℃ යි.

මේ වන විට වූහාන් වල රෝගීන් වාර්ථා වීම නැති තරම් ,

එතකොට දැන් වූහාන්වල උෂ්ණත්වය කීයද ?

සෙල්සියස් 23 ℃ යි ,

පෙරේදා වන තෙක් රෝගීන් කිසිවෙකු වාර්ථා නොවු මියන්මාරයේ මේ දිනවල උෂ්ණත්වය 36℃ වගේ යනවා ,

මොන විශේෂඥයා කොහොම කීවත් ඉතා පැහැදිලිව පේනවා ආක්‍රමණය වැඩියෙන්ම තියෙන්නේ උෂ්ණත්වය අඩු රටවල බව.

උෂ්ණත්වය වැඩි රටවල විෂබීජය පැතිරුණත්, අර ශීත රටවල තරම් රෝගීන් අසාධ්‍ය මට්ටමට හෙළමින් ඔවුන්ට ජීවිත අහිමි කරමින් පැතිරෙන වේගය සාපේක්ෂව අඩුයි.

ලංකාවට මොනවා වෙයිද ?

අපේ රටේ සෞඛ්‍ය අංශ වෘත්තිකයන් - ආරක්ෂක හමුදා මෙතෙක් කළ දේ සහ දැනට කරමින් ඉන්න මුදලින් මිළ කළ නොහැකි සේවය නිසා අපට අර ඉතාලියට හෝ ඇමරිකාවට වෙමින් පවතින විනාශය තරම් මහ දැවැන්ත හානියක් නොවෙන බවයි මාගේ විශ්වාසය..

මේ යන විදියටම මේක දැඩි පාලනයක් යටතේ අප්‍රේල් 10 දක්වා තියාගන්න හැකි වුනොත් අපට මෙය අසාධ්‍ය රෝගීන්ගෙන් තොරව පාලනය කරගත හැකි වනු ඇත.

එසේ වේවා !!!!

ඒ එක්කම පුරවැසියන් වන අපද ඔවුන්ගේ උපදෙස් පිලිපදිමින් උපරිම සහය දෙමු. වගකිය යුතු පුරවැසියන් ලෙස කටයුතු කරමු...

තෙරුවන් සරණයි... God Bless ...🙏🙏🙏

සටහන - නලීන් කුමාර්...
#NaleenKumar...
උපුටා ගැනීමකි