[Trending][btop]
[News][stack]
'/>

කොරෝනා පරදන්න රජයට සහය වෙන්න ඇන්කර් වෙතින් රුපියල් කෝටියක්


ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගතය පාලනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් රුපියල් කෝටියක මුදලක් පිරිනැමීමට වසර 40 කට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය
දිනූ ඇන්කර් සමාගම අද කටයුතු කළා.

කොරෝනා මැඩලීම සඳහා රජය ගෙන යන අඛණ්ඩ වැඩපිළිවෙලට සහය දැක්වීමක් ලෙස ඇන්කර් සමාගම මෙම රුපියල් කෝටියක මුදල දෙරණ මාධ්‍ය ජාලය විසින් ක්‍රියාත්මක කරන මනුසත් දෙරණ ව්‍යාපෘතිය වෙත පිරිනැමුවේ අද පෙරවරුවේදීයි.

කොරෝනා රෝගීන් ප්‍රතිකාර ගන්නා රෝහල් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම, කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය නිලධාරින් සහ විශේෂ රාජකාරී වල නියුතු ආරක්ෂක අංශ නිලධාරින් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම, කොරෝනා පරික්ෂා කිරීමේ ඒකක ස්ථාපනය කිරීම සහ ඇඳිරි නීතිය තත්වය මත තම දෛනික වැටුප් අහිමිවී ගිය ජනතාවට ආහාර පාන ලබාදීම ඇතුළු කටයුතු රාශියක් වෙනුවෙන් මෙම මුදල වෙන් කළ බවයි ඇන්කර් සමාගම පවසන්නේ.