අපේ ජන බල වේගය කොඩියේ ලකුණ නාම යෝජනා වලින් දිස්ත්‍රික්ක කිහිපයක නාම යෝජනා තාක්ෂණික හේතු මත ප්‍රතික්ෂේප වී ඇත.
ඒ අනුව කොළඹ,මොණරාගල කුරුණෑගල
යන දිස්ත්‍රික්කවල
නාම යෝජනා ප්‍රතික්ෂේප කර තිබෙන අතර එම ලැයිස්තුවල පක්ෂයේ ප්‍රධානත්වය දැරූ අතුරලියේ රතන හිමිද සිටීම විශේෂත්වයකි.
ඊට අමතරව ගලගොඩඅත්තේ ඥානසාර හිමි,අක්මීමණ දයාරත්න හිමි,මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි,ආනන්ද සාගර හිමි, ජීවන් කුමාරතුංග,ගාමිණී තිලකසිරි,ප්‍රසන්න සෝලංගආරච්චි ඇතුලු පිරිසක්ද එම ලැයිස්තු වල සිටි අතර ඔවුන් සියල්ලටද මෙවර මැතිවරණයේ තරග කරන්නට අවස්ථාව අහිමිවී ගොස් තිබේ.