මේ දිනවල වෙළෙඳ පොළේ අසාමාන්‍ය ලෙස ඇතැම් අත්‍යවශ්‍ය දේ හිඟවන ස්වරූප පෙන්නුම් කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ රාත්‍රී රූපවාහිනී වැඩසටහනකට එක්වී අදහස් දැක්වීය.

කොරෝනා වෛරස තත්වය හේතුවෙන්
ලෝකයේ ඉදිරියට ඇතිවිය හැකි හිගතාවයන් ගැන කල්පණා කර  ඇතැම් වෙළෙන්දන් භාණ්ඩ සගවා ඇති බව කියා සිටි ඔහු ඇතැම් ෆාමසිවල ප්‍රෙෂර් පෙති ඩයබෙටික් පෙති පවා තොග තිබියදී සගවා ඇති බව කීය. ඉදිරියේදී ඇතිවිය හැකි හිගතාවයක් මත තමන්ට වැඩි මිලට විකුණා ගැනීමට හෝ තම පරිහරණය පිණිස මේ ආකාරයට ආත්මාර්ථකාමී හැසිරීමක ඇතැම් වෙළෙන්දන් යෙදෙන බව ඔහු කීය.
මේ ආකාරයේ කූඨ වෙළෙඳුන් සොයා ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් යොදවා මෙම තත්වය සමනය කිරීමට පියවර ගන්නා බවත් ඔහු කීය.