2020 මාර්තු 08 දින සිට කුවේට් රාජ්‍යය වෙත යන සියළු ශ්‍රී ලාංකිකයන් කොරෝනා වෛරසයේ (කොවිඩ් -19) ආසාධිතයෙකු නොවන බවට ඉදිරිපත් කළ යුතුව තිබූ PCR නම් වෛද්‍ය සහතිකය ඉදිරිපත් කිරීම
අවලංගු කර ඇති බව කුවේට් රාජ්‍යයේ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම වෛද්‍ය සහතිකය ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයකට දැනුම් දී තිබූ නමුදු එයින් සමහර රටවල කොරෝනා පරීක්ෂණය සිදු කිරීම සම්බන්ධව පවතින තාක්ෂණික අපහසුතා මත මෙය ලබාගැනීම අවලංගු කර ඇති බව ද එම නිවේදනය මඟින් වැඩිදුරටත් දන්වා සිටී.
ඒ අනුව එවැනි සහතිකයක් නැතිව යාම දැන් ගැටලුවක් නොවේ.