මීට වසර 8 කට පෙර 2012 ලෝකයේම අවධානය දිනාගනිමින් ඉන්දියාවෙන් වාර්තාවූ නිර්භයා නමින් නම් කළ තරුණිය බස් රථයක් තුළදී සමූහ දූෂණයට ලක්කිරීමේ සිදුවීමට වරදකරුවන්වූ  සිව්දෙනා මාර්තු 20 වන
දින අලුයම 5.30 ට එල්ලා මරා දැමීමට නියමිතය.දයානුකම්පාව සඳහා අවසර ඉල්ලා වැරදිකරුවන්ගේ පවුලේ අය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබීම හා
ඉතිරිව ඇති නීතිමය විකල්පයන් හේතුවෙන්,
එල්ලා මැරීමේ දිනය තුන් වතාවක් කලින් කල් දමා තිබූ අ.ර අවසානයේ අධිකරණය මාර්තු 20 වනදා අලුයම 5: 30 ට ඔවුන් එල්ලා මැරීමට කාර්ට් වරෙන්තුවක් නිකුත් කළේය.
ඒ අනුව ඉන්දියාවේ තිහාරයේ බන්ධනාගාර පරිපාලනය නිර්භයාගේ වැරදිකරුවන් එල්ලා මැරීමට සූදානම් කර තිබේ. චාරා ගුණහගරන් මුකේෂ් (32), පවන් ගුප්තා (25), විනයා ෂර්මා (26) සහ අක්ෂේ සිං (31) යන අය එල්ලා මැරීමට නියමිතය.

2012 සිදුවූ සමූහ දූෂණයෙන් පසුව දරුණු තුවාල හේතුවෙන් සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී දෙසැම්බර් 26 දින නිර්භයා මිය ගියාය. සිද්ධිය සිදුවී මාස 9 කට පසු 2013 සැප්තැම්බර් මාසයේදී නඩු විභාගය මගින් වැරදිකරුවන් 5 දෙනෙකුට - මරණ දඩුවම නියම විය. 2014 මාර්තු මාසයේ මහාධිකරණය සහ 2017 මැයි මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණයද මරණ දඩුවම ස්ථිරව නියම කළේය. නඩු විභාගය අතරතුර ප්‍රධාන වැරදිකරු රාම් සිං තිහාර් බන්ධනාගාරයේ එල්ලී සියදිවි නසා ගත්තේය. ඉතිරි 4 දෙනා මෙසේ එල්ලා මැරීමට නියමිතය.