ඕස්ට්‍රේලියාවේ සංගීත ප‍්‍රසංගයකට ගොස් පැමිණි ජනප‍්‍රිය ගායන ශිල්පි නලීන් පෙරේරා මහතා ප‍්‍රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායමේ සාමාජිකයෝ 12 දෙනා සහ තවත් සංගීතඥයෙක්, ගායකයෙක්, හා ජනප‍්‍රිය
නිවේදයකයෙක්, ඔවුන්ගේ නිවෙස්වලටම වී ස්වයං නිරෝධායනය වෙමින් සිටිති.

ඔවුන්ගේ ස්වයං නිරෝධායන කාලය ලබන 29 වැනිදායින් අවසන් වන බව වාර්තා වේ.

‘කොවිඞ් 19’ හෙවත් ‘නව කොරෝනා’ වයිරසය පැතිර යන ඔස්ටේ‍්‍රලියාවේ සංගීත ප‍්‍රසංගයක් සදහා සංචාරයකට ගොස් ලංකාවට පැමිණීම හේතූවෙන් වෛද්‍ය උපදෙස් මත ඔවුන් මෙලෙස ස්වයං නිරෝධායන සදහා යොමු වී ඇත.

මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක ජනප‍්‍රිය ගායන ශිල්පි නලීන් පෙරේරා මහතා සහ ඔහුගේ සංගීත කණ්ඩායමේ සාමාජිකයින් 11 දෙනාට අමතරව මෙලෙස ස්වයං නිරෝධායන කටයුතු වලට යොමු වී ඇත්තේ සංගීතඥයකු වන දිනේෂ් සුභසිංහ, ජනප‍්‍රිය ගායකයකු වන චිත‍්‍රාල් සෝමපාල හා ජනප‍්‍රිය නිවේදයකයකු කැලූම් ශ්‍රීමාල් යන මහත්වරුන්ය.
(සමන්ත යහම්පත් සහ මනෝප‍්‍රිය ගුණසේකර)