සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පුහුණු තරග 02 සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම් සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රිඩකයින් 16 දෙනෙකුගෙන්
යුත් එහි නායකයා ලෙස නම් කර ඇත්තේ උපුල් තරංගයි. අසේල ගුණරත්න ද කොදව් කණ්ඩායම සමග පැවැත්වෙන පුහුණු තරග 02 සඳහා කැඳවා තිබෙනවා. සඳුන් වීරක්කොඩි, පැතුම් නිශ්ශංක, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ පෙරේරා, අශේන් බණ්ඩාර යන ක්‍රීඩකයින් ද මෙම සංචිතයට ඇතුළත්.

දිල්ෂාන් මදුසංක, අසිත ප්‍රනාන්දු, තික්ෂිල ද සිල්වා, සචිඳු කොළඹගේ, තරිඳු කෞෂාල්, පුලින තරංග, චාමික ගුණසේකර, කවිඳු නදීශාන් සහ ලහිරු උදාර මෙම සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයින් වනවා. කොදෙව් කණ්ඩායම

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිළ සමග පුහුණු තරග 02 කට සහභාගී වන අතර පළමු පුහුණු තරගය ලබන 17 වනදා කොළඹ පී සරාඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. දෙවන පුහුණු තරගය ලබන 20 වනදා කටුනායකදී පැවැත්වෙනවා. තරග 03 කින් සමන්විත කොදෙව් – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.