රනිල්මද සජිත්ද කරුද යනුවෙන් විවිධ සාකච්ඡාවන්ට බදුන් වූ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අද (16) පැවති විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම එකඟතාවකින් තොරව අවසන් වී තිබේ.
එක්සත් ජාතික
පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය එළඹෙන මහා මැතිවරණය සම්බන්ධව පක්ෂ නායකත්වය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද රැස්වූ අතර නායකත්ව මන්ඩලයක් පිහිටුවන්නේද ඡන්ද විමසීමකින් නායකයා තොරන්නේද ආදී වශයෙන් විවිධ යෝජනා තිබුණි.
නමුත් මේ කිසිවක් අද සිදුවී නැත.
මේ නිසා මහමැතිවරණයට මාස 2 ක් පමණ තිබියදීත් එජාපයේ නායකත්වය සම්බන්ධ ප්‍රශ්න තවම අවසන් නොවීම තරගකාරී අනෙක් පක්ෂ වලට වාසි අත්කරදී තිබේ.