එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයන් පත්කර ගැනීමට අද නියමිතව තිබුණද එය දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27දා) දිනයේ නව සාමාජිකයන් පත්කර ඔවුන්ගේද සහභාගිත්වයෙන් කෘතධිකාරී මණ්ඩල රැස්වීම අද
දිනයේම පැවැත්වීමටද නියමිතව තිබිණි.

මේ සම්බන්ධයෙන් එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටීයේ කෘතධිකාරී මණ්ඩල රැස්වීමට දින නියම කරගෙන නොමැති බවයි.

අද (27දා) දිනයේ එවැනි රැස්වීමක් පැවැත්වෙන්නේ නැතැයිද ඒ මහතා කීය.

මේ වනවිට එජාප නායකත්වය සම්බන්ධව පාර්ශව දෙකක් අතර ඇති වී තිබෙන මතවාදී ප්‍රශ්නය නිරාකරණය කර ඉදිරී මහ මැතිවරණයට තරග කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක්ම අලුතින් පත්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගැනීමට නියමිතව ඇත.