ලංකාවේ විවිධ ප්‍රභූන් දේශපාලනඥයින්ද නිතර ගමන් කරන වන්දනීය ස්ථානයක් ලෙස ප්‍රකට ඉන්දියාවේ බෝපාල් නුවර තිරුපති බාලාජි  හෙවත් තිරුමාලා තිරුපති දේවස්ථානය එයට ඇති අධික ඉල්ලුම නිසා ඉන්දියාවේ ස්ථාන කිහිපයක ශාඛා පිහිටුවන්නට තීරණය කර තිබේ.

ඉන්දියාව් ධනවත්ම දේවාලවලින් එකක් හැටියට ප්‍රසිද්ධ තිරුපති දේවස්ථානය නව ව්‍යාපෘතිය යටතේ පළමු දේවස්ථානය අන්ද්‍රා ප්‍රදේශ්හි අමරාවතී හි ඉදිකිරීමට නියමිතය. අමරාවතී හි අක්කර 25 ක තිරුපති කෝවිලක් ඉදි කිරීමට නියමිතය.
මේ සඳහා පළමු අදියරේදී අරමුදල් රැස්කිරීම දැනටමත් අරඹා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම ව්‍යාපෘතියට අනුව ඉන්දියාවේ පසුගාමී,

අන්ත පසුගාමී හෝ ගෝත්‍රික ප්‍රජාවන් ජීවත් වන ප්‍රදේශයන්හි තෝරාගත් ස්ථාන ගණනාවක ඉදිරියේදී  දේවාල ඉදිකිරීමට සැලසුම් කර ඇත. ඉදිකිරීමෙන් පසු නඩත්තු කිරීමේ කටයුතු ද ශ්‍රීවානි භාරය විසින් සිදු කරනු ඇත.
දැනටමත් මේ ගැන ප්‍රසිද්ධ කර ඇති අතර ආරම්භක දිනවල භාරය විසින් ඉන්දීය රුපියල් කෝටි 3.2 ක් පමණ අරමුදල් රැස් කර තිබේ.
මේ දක්වා එක් තැනකට සීමාවූ තිරුපති අවුරුදු 2000 ක් පැරණි දේවස්ථානයකි. එහි දෙවිවරුන් ලෙස වෙන්කේෂ්වර සහ පද්මාවතී දේවි, විෂ්ණු හා ලක්ෂ්මිගේ අවතාර අදහනු ලැබිය හැකිය.
 දේවාලයේ ගණන් බලා ඇති  මුළු වත්කම් මුදල් ඉන්දීය රුපියල් කෝටි 12,000 ක් සහ රන් කිලෝග්‍රෑම්  9000 පමණ බව දැක්වේ. දෛනික නරඹන්නන්  60,000 ක් පමණ ඒ වෙත ඇදී එන අතර අමුත්තන් 47,000 ක් එකවර වන්දනා කළ හැකි ලෙස සකසා ඇත. කිලෝග්‍රෑම් 550 ක් පමණ රන් ආභරණ වලින් දේවාලය සරසා ඇත.
පැමිණෙන බැතිමතුන්ට ආහාර සැපයීමද සිදු කරන අතර රටේ විශාලතම ආහාර සැපයුම් වලින් එකක් වන මෙහිදී මිනිසුන්  5000 ප්‍රමාණයක් වරකට ආහාර අනුභව කරන බවද දැක්වේ.