පාස්කු ප්‍රහාරයට පෙර පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ විසුරුවා හැරීමට පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා කටයුතු කර ඇති බවට නව
සිංහල රාවය සංවිධානයේ

මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි චෝදනා කරයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ හිමියන් මෙසේද පැවසීය.

"සහරාන්ගේ ප්‍රහාරය ඔන්න මෙන්න තියෙද්දි ලතීෆ් පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ විසුරුවා තිබෙනවා. පාස්කු ප්‍රහාරයට මාස 8කට විතර කලින් සහරාන් සහ ඔහුගේ අනුගාමිකයන් පිළිබඳ හෙවු කලවච්චිකුඩි විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ විසුරුවා තිබෙනවා.

මේ මොහොතේත් කලවච්චිකුඩි විශේෂ කාර්ය බළකා කඳවුරේ බුද්ධි අංශයක් නෑ. මන්නාරමේ, මුලතිව්වල බුද්ධි අංශ නැ.

ඒ හිටපු නිලධාරීන් සියලු දෙනා දැන් කොළඹ මරදානට කැඳවලා ඉවරයි."