අද (15) විදෙස් වාර්තා මවිත කළ සිදුවීමක් බවට පත්වෙමින් රුසියානු රජය ඉල්ලා අස්විය. ජනපති පුටින්ගේ කැමැත්තද සහිතව අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඒ අනුව සමූල ඉල්ලා අස්වීමක් සිදු කළහ.
මෙම තීරණයට බලපා ඇත්තේ රුසියාවේ පාර්ලිමේන්තුව නව ව්‍යවස්ථා සශෝධනයක් සිදු කිරීමේ
උවමනාවයි. නව

ව්‍යවස්ථා සංශෝධනය අනුව රුසියානු ජනපතිවරයාට දෙවතාවකට වඩා වැඩියෙන් එම තනතුර දැරීමට නොහැකිවේ. අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවට වැඩි බලතල හිමිවේ.
රුසියාවේ ජනපතිවරයා වන පුටින් මින් ඉහත 2008 බලයට පත්වූයේ පෙර පැවති දෙවතාවේ සීමාව වෙනස් කරමිනි. එයට හේතුවූයේ ඔහුට දිගටම බලයේ රැඳී සිටීමේ උවමනාවයි. නමුත් පසු කාලීනව ඔහුට මෙම ක්‍රියාදාමය වෙනුවට නැවත පාර්ලිමේන්තුවට වගකියන ප්‍රබල අගමැතිගේ භූමිකාව වැදගත්වීම මෙම වෙනසට හේතුවයි.
අද කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වූ පසු එරට ව්‍යාවස්ථා ප්‍රකාරව නව සංශෝධන පහසුවෙන් කළ හැකිවේ. කෙසේ වෙතත් රුසියානු රජය ඉල්ලා අස්වීම පුටින්ගේ ජනපති තනතුරට බලපාන්නේ නැත ඔහු 2024 තෙක් සිය ධූර කාලයේ රැඳී සිටිනු ඇති අතර ඔහුට ඉන්පසු අගමැති ලෙස තරග කිරීමට අවස්ථාව උදාවනු ඇත.
පුටින් මෙම වෙනස්කම ගැන අදහස් පළ කරමින් අද ජාතිය ඇමතු අතර  මිලියන 147 ක රුසියානු ජනතාවගේ ඉදිරි අනාගතය වෙනුවෙන් අත්‍යවශ්‍ය වෙනස්කමක් ලෙස මෙය සිදු කරන බව කියා සිටියේය.