ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවක විකාශය වන ජනප්‍රිය රියලිටි තරගයක් වන බිග්බොස්හි 13 වන තරගාවලිය යටතේ එහි තරගකාරියක කී අසාමාන්‍ය කතාවක් නිසා එරට මාධ්‍ය තුළ ආන්දෝලනයක් හටගෙන තිබේ.
මෙම වැඩසටහනේදී සියලුම තරඟකරුවන් ඔවුන්ගේ ජීවිතයේ යම් නරක සිදුවීමක් සෑම කෙනෙකුම ඉදිරියේ
සඳහන් කරන්නට අවස්තාවක් ලබාදී තිබුණි. සුපිරි නිළි දීපිකා පදුකෝන්, වික්‍රන්ත් මැසේ සහ ලක්ෂ්මි අග්‍රවාල් මෙහි විනිසුරුවන් ලෙස එක්වූ අතර ඔවුන් හා පැමිණි නරඹන්නන් ඉදිරිපිට  ආරතී සිං කියූ දෙයක් මෙම  වැඩසටහනේ කම්පන සහගත තත්වයක් මතු කළාය. ඇය කියා සිටියේ තමා 13 හැවිරිදි

වියේදී ස්ත්‍රී දූෂණයකට ගොදුරුවූ ආකාරයයි.
'මට වයස අවුරුදු 13 දී, මාව නිවස තුළට කොටු කර දූෂණය කිරීමට තැත් කළා. අදත් මම ඒ ගැන සිතමින් වෙව්ලනවා. ' ආරතීගේ මේ දේ ඇසූ සියල්ලෝම කම්පනයට පත් විය.
35 හැවිරිදි ආරතී යනු ඉන්දියාවේ විකට නිළියක වන ක්‍රිෂ්ණා අභිෂේක්ගේ සහෝදරිය සහ ජනප්‍රිය බොලිවුඩ් නළු ගෝවින්දගේ ලේලියයි. ආරතී සිය රංගන ජීවිතය ආරම්භ කළේ 2007 දී 'මයිකා' නම් රූපවාහිනී වැඩසටහනෙනි. මෙයින් පසු ඇය චිත්‍රපට දෙක තුනක රගපෑ අතර  සංගීත ප්‍රසංගවල ද පෙනී සිටියාය. ඇය මෙම කතාබහ අතරතුර පවසා ඇත්තේ තමන්ට වසර 2 කින් කිසිදු ප්‍රසිද්ධ වැඩකට සම්බන්ධ වීමට බැරිව ගිය බවයි.
ආරතී දූෂණය වන්නට ගිය කතාව එක් අතෙකින් අනුකම්පාවේ වාසිය තරගය තුළට කැඳවාගන්නට දැරූ උත්සාහයක් ලෙසද ඉන්දීය මාධ්‍ය හදුන්වා දී තිබේ.