රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට අකාරයට සාමාන්‍ය මාර්ගයක ධාවනය කිරීමට අවසර නොමැති යතුරු පැදියක් ධාවනය කිරීම, රාජ්යක දේපළ වලට හානි සිදුකිරීම ඇතුළු චෝදනා  යටතේ  සංදීප් සම්පත් තරුණයාටද නීතිය ක්‍රියාත්මක කරන ලෙසට
ඉල්ලා ජාතික හෙළ උරුමයේ කඩුවෙල නාගරික මන්ත්රීැ බෝසෙත් කළහේපතිරණ මහතා අද (22) පස්වරුවේ  පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

2016 වසරේදී රාජගිරිය ප්රිදේශයේදි සංදීප් සම්පත් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්යර පාඨලි චම්පික රණවක මහතා ඉකුත් 18 වනදා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන  දෙසැම්බර් 24 දින  දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර කර ඇති බවත් එවැනි පසුබිමක අනතුරට ලක්වූ සන්දීප් සම්පත් තරුණයා සම්බන්ධයෙන්ද වහා නීතිය ක්රි යාත්මක කරන්නැයි මන්ත්‍රිවරයා 
සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රිවරයා මාධ්‍ය වෙත අදහස්  දක්වමින් මෙසේ පැවසීය.

 ‘‘සී සී 1000 යතුරු පැදියක් පදවමින් නිළ රථයේ  පිටපස වැදීමෙන්  මෙම අනතුරු සිදුවුණා.  මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා    දැනුම් දී තිබෙන්නේ මෙම යතුරු පැදිය සාමන්‍ය මාර්ගයක ධානවය කරන්න බැහැ කියලා.

මෙය ක්‍රීඩා කටයුතු  සඳහා භාවිතා කරන යතුරු පැදියක්. මෙවැනි යතුරු පැදියක් සාමාන්‍ය මාර්ගයක  ගෙනියනවා නම් රැගෙන යා යුත්තේ වෙනත් වාහනයක පටවාගෙනයි. 

සන්දීප් ප්‍රමුඛ මෙම තරුණ පිරිස මෙම යතුරු පැදියෙන් සාමන්‍ය මාර්ගයේ අධික වේගයෙන් ගමන් කිරීම නිසා නිළ රථයේ  පටුපස වැදී තිබෙනවා.  නිළ රථයද හානි සිදුවී තිබෙනවා.

ඒහිදී  හානියක් සිදු වුනානම් එහි  වන්දිය  යතුරු පැදි හිමිකරුගෙන් ලබාගත යුතුයි.  ඒ සම්බන්ධයෙන්  නීතිමය කටයුතු කරන්න කියා අපි ඉල්ලා සිටිනවා....‘‘ යැයිද  මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

(ඉන්දිකා රාමනායක)