ෆයිට් කන්සර් ව්‍යාපෘතිය 2016  වසරේ සිට ආරම්භ කර ඇති බවත්, මේ වනතුරු එය සාර්ථකව පවත්වාගෙන ආ බවත් පවසා සිටින එම ව්‍යාපෘති ප්‍රධානී එම්.එස්.එම්. මහතා, එයින් එකතු වූ මුදලින් අපේක්ෂා රෝහලට
නවීනතම පෙට් ස්කෘන් යන්ත්‍රයක් ලබාදීමට හැකි වූ බව පවසා ිතබේ.
තමන් අනතුරුව මහරගම අපේක්ෂා රෝහලට තවත් නවීන යන්ත්‍ර කිහිපයක් ලබාදීමට 'ෆයිටි කන්සර් ව්‍යාපෘතිය" කටයුතු ආරම්භ කර ඇති බවත්, ඒ වෙනුවෙන්ද දෙස්විදෙස් ශ්‍රී ලාංකිකයන් එක්ව කටයුතු කරමින් සිටියදී එහි මුදල්

ක්‍රමිකතාවක් ගැන අභූත චෝදනාවක් අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා කර ඇති බව ප්‍රකාශ කළේය.

මෙම ගිණුමට අන්තවාදීන් මුදල් බැර කර ඇති බවට හා එය මොහොමඩ් වන තමන්ගේ ගිණුමකට මුදල් රැස් කිරීමක් ලෙස රෝහල් අධ්‍යක්‍ෂවරයා කළ චෝදනාව අසා තමා පුදුම වු බවත්, අසරණ පිළිකා රෝගීන් වෙනුවෙන් සිදුකරන සමාජ සත්කාර වෙත ජාතිවාදය සම්බන්ධ කර නොගත යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
එමෙන්ම "ෆයිට් කැන්සර් ව්‍යාපෘතියේ" මුදල් එකතු කරන ගිණුම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පාලනය වන ගිණුමක් බවත්, එයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා, අගමැතිවරයා, ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවද ඔහු කීය.

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂක වසන්ත දිසානායක මහතා මේ සම්බන්ධයෙන් සිදුකළ චෝදනා සම්පූර්ණයම ප්‍රතික්ෂේප කරන බවත්, නීතිඥයන් සමග සාකච්ඡා කර ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් එම්.එස්.එම්. මොහොමඩ් මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසීය.

එසේම ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ යටතේ පවතින මහරගම අපේක්ෂා රෝහල් ගිණුමට මෙම  මුදල් බැර වන බවත්, කිසිදු පුද්ගලයෙක් මේ සම්බන්ධයෙන් බිය විය යුතු නොමැති බවත් හෙතෙම පවසා සිටියේය.