මහනුවර වැව රවුමේ කිසියම් පිරිසක් විසින් අදින ලද චිත්‍ර, නැවත සුදු තීන්ත ආලේපකර වසා දමන්නැයි මහනුවර නගර සභාව දැනුම්දී තිබේ.


මහනුවර වැව රවුම වටා පවතින මෙම තාප්පය, පෝස්ටර් ඇලවීම පවා තහනම් කර තිබෙන ස්ථානයකි. සාම්ප්‍රදායිකව මෙම ස්ථානය වර්ණගැන්වීම  සිදු නොකරන අතර සුදු පැහැය පමණක් ආලේපකිරීම සිදුකර තිබේ.

කෙසේ වෙතත් රට පුරා සිදුවන චිත්‍ර ඇදීමේ කටයුතුවලට සමඟාමීව මෙම තාප්පයේද අවසරයකින් තොරව චිත්‍ර ඇද ඇති බවත් නැවත සුදු පැහැය ආලේපකර පෙර තත්වයටම පත්කරන ලෙසත් නගර සභාව දැනුම්දී ඇත.