කැලණිය රාඡමහා විහාරස්ථානයේ දායක සභාවේ සභාපති ධුරය සදහා වෛද්‍ය සමන් වීරසිංහ මහතා තෝරාපත් කර ගත් බව කැලණිය රාජමහා විහාරාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද
සංඝරක්ඛිත නාහිමියෝ පැවැසූහ.මෙම දැයක සභාවේ රැස්වීමක්  8 දා පස්වරුවේ විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැති අතර එහිදී විහාරාධිපති හිමියෝ එසේ පැවසූහ. කැලණිය රජමහා විහාරස්ථ ප්‍රධාන බස්නායක නිලමේ ධම්මික ආටිගල මහතාද අනෙකුත් බස්නායක නිලමේ වරුන් ඇතුළු දායක දායිකාවෝ රැසක්ද එම අවස්ථාවට සහභාගි වූහ.එහිදී කෙටි අනුශාසනාවක් පවත්වමින් විහාරාධිපති නාහිමියෝ මෙසේද පැවසූහ.
හිටපු ගරු සභාපතිතුමා රනිල් වික්‍රමසිංහ සම්බන්ධව දායක සභාවේ වැඩි ඡන්දයෙන් කළ යෝජනාවක් විධායක සභාව මාවෙත යොමු කිරිමට යෙදුණු විධායක සභාව ඒ හා සම්බන්ධව අධ්‍යනයක් කර එතුමා අපගේ දායක සභාවේ සභාපති ධුරයෙන් බැහැර කිරිමට තිරණය කළා.

ඉන්පසුව අපගේ දායක සභාවේ සභාපති ධුරය සඳභා පුරප්පාඩුවක් පැවතුණා  ඒ සදහා විවිධ යෝජනාවක් අප වෙත ලැබුණි. ඒ ඒ පුද්ගලයින් සම්බන්ධව පෞද්ගලික වශයෙන් අපි සාකච්ඡා කළා. ඒ විතරක් නොව ඒ අය සම්බන්ධවන විහාරස්ථානය වන කළ ක්‍රියාවන් සම්බන්ධවත් වැඩිදුරටත් අධ්‍යයනය කරලා ඉතාමත් සුදුසු පුද්ගලයා හැටයට මම සමන් වීරසිංහ මහතා තෝරා පත්කර ගන්නා.වෛද්‍ය සමන් වීරසිංහ මහතා
වෛද්‍යවරයෙක් විතරක් නොව ව්‍යාපාරිකයකු ලෙසින් දානපතියෙක්. සමාජ සේවකයකු ලෙසින් විහාරස්ථාන රැසකට දායකත්වය ලබාදී තිබෙනවා. ඒ මහතාගේ මව්පියන් නෑදෑයන් පවා ආගමට දහමට ලැදිව කටයුතු කරන බව කියන්නට කැමතියි.ඉතා ධාර්මිකව අපගේ විහාරස්ථානයේ පුණ්‍ය කර්ම රැසකට දායකත්වය ලබාදී ඇති ඒ මහතා ඉතාමත් නිහතමානී මහත්මයකු ලෙස හැඳින්විය හැකි යැයිද විහාරාධිපති නා හිමියෝ වැඩිදුරටත් පැවසූහ.නව සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දත්වමින් මෙම පැවැසීය.

ඓතිහාසික කැලණිය රජමහා විහාරය අපේ රටේ ප්‍රධාන පෙළේ බෞද්ධ සිද්ධස්ථානයක්. ඒ වගේ බුදුන් වහන්සේ වැඩම කළ ස්ථානයක්. එවැනි පුදබිමක තනතුරු ලැබිමක් ඉතාමත් භාරදූර කටයුත්තක් ලෙස මට
 පැවරි තිබෙනවා. මේ තනතුර පාවිච්චි කරලා සහ මගේ තිබෙන සම්බන්ධතාව පාවිච්චි කරලා අනෙකුත් සාමාජික සාමාජිකාවන් සමග එකතු වෙලා කැලණිය පුදබිමට වටිනා දෙයක් ඉදිරි කාලයේදී කිරීමට මා බලාපොරොත්තු වෙනවා.

ඒ සඳහා සැලැස්මක් සකස් කරලා විහාරාධිපති නාහිමියන්ට නව අවුරුද්දේදී මම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා නාහිමියන්ගේ අනුමැතිය ලැබුණට පසුව එය ක්‍රියාත්මක කිරිමට මා බලාපොරොත්තු වෙනවා. මෙතන සිටින ප්‍රධාන බස්නායක නිලමේ තුමා අනෙකුත් නිලමේ තුමන්ලා විධායක සභාව ඇතුළු දායක දායිකාවන්ගේ සහයෝගයද බලාපොරොත්තු වෙනවා යැයිද  වෛද්‍ය සමන් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

කැලණිය - ලාල් එස්. කුමාර