වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න දින 2ක් පමණ අතුරුදන්ව සිටි පසුව ඊයේ (26) රාත්‍රී කොළඹ නාරාහේන්පිට ලංකා පෞද්ගලක රෝහලේ හෘද රෝග ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබුණි.

මෙහිදී
රාජිත සේනාරත්නට නිකුත් කර තිබූ වරෙන්තුවද රැගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙයි.

ඊයේ (26) මධ්‍යම රාත්‍රීය වන තුරුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෛද්‍යවරයාගෙන් එම ප්‍රකාශය සටහන් කරගෙන ඇති බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ලදි.

මෙම තත්වය යටතේ රාජිත සේනාරත්නගේ වරෙන්තු ප්‍රකාර අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ නමුත් ඔහු පොලිස් අඩස්සියේ රෝහල්ගතව සිටින බව පැවසේ.