කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවේ භූමියක් ලෙසින් පිලිගනිමින් නිකුත් කරන සමරු මුද්දරය හා මුල් දින කවරය එළිදැක්වීමේ උත්සවය දෙසැම්බර් 7 වනදා සවස 6.30ට පැවැත්වෙනවා.

මේ සුවිශේෂි උත්සවය
පැවැත්වෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි. මහ සයුර මතින් බිහිකල හෙක්ටයාර් 269ක නැවුම් භූමියකින් කොළඹ වරාය නගරය සමන්විත වනවා. මෙම සමරු මුද්දරය හා මුල් දින කවරය එළිදැක්වීමේ උත්සවය වර්ණවත් කිරීම සඳහා රාත්‍රීයේ අලංකාර වූ මල්වෙඩි සංදර්ශනයක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අන්තර්ජාලයේ සැරිසරන ඔබට දෙසැම්බර් මස 7වනදා සවස 6.30 සිට මෙම සුවිශේෂී උත්සවය Port City Colombo ෆේස්බුක් පිටුව පිටුව ඔස්සේ හෝ ඔවුන්ගේ Youtube චැනලය ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්ථාව හිමිවනවා.

එමෙන්ම ඔබ කොළඹ අවට සිටින අයෙකු නම් මෙම උත්සව අවස්ථාවේ සුවිශේෂී අංගයක් වන මල්වෙඩි සංදර්ශනය කොළඹ ගාලු මුවදොර පිටියට පැමිණෙන සියැසින් දැක ගැනීමේ අවස්ථාවද හිමිවනවා.