ජනාධිපතිවරණ ප්‍රතිඵල පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ විශ්ලේෂණය ලබන සඳුදා (25) සහ අගහරුවාදා (26) දෙදින පුරා සිදු කරේ.ජනාධිපතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය සිදු කෙරෙන්නේ  එක්සත් ජාතික
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙනි.  ජනාධිපතිවරණ ප්‍රතිඵල පූර්ණ ලෙස විශ්ලේෂණය කිරිමෙන් පසු සිංහල,බෞද්ධ ඡන්ද පදනම දිනා ගත හැකි ලෙස පක්ෂයේ පූර්ණ ප්‍රතිව්‍යුහගත කිරීමක් කඩිනමින් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් අකිල  විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයෙන් මේ වන විට කර ඇති ජනාධිපතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණයට අනුව ප්‍රතිවාදී අපේක්‍ෂකට ලක්‍ෂ 65ක සිංහල බෞද්ධ ඡන්ද ප්‍රමාණයක් ලැබෙද්දී එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයාට ලැබි
ඇත්තේ එම ඡන්දවලින් ලක්ෂ 40ක් පමණයි සිරිකොත ප්‍රකාශකයෙක් පැවසීය. එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කළ ජනාධිපති අපේක්‍ෂකයා ඔහු නියෝජනය කළ දිස්ත්‍රික්කයෙන් මෙන්ම ආසනයෙන්ද වැඩි ඡන්ද විශාල සංඛ්‍යාවකින් පරාජයවීම පිළිබඳව ද මෙම විශේෂණයේ දි තොරතුරු හෙළි වූ බව ඔහු කීය.

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කෙරුණු ආකාරය සම්බන්ධයෙන් පූර්ණ විශ්ලේෂණෙයක් සිදුකර යථාර්ථයට මුහුණ දෙමින් සිංහල බෞද්ධ ඡන්ද පදනම දිනාගත හැකි තරුණ නායකත්වයක් ගැනද අනාගතයේදී එක්සත් ජාතික පක්‍ෂයේ අවධානය යොමු කිරීමට නියමිතව ඇතැයි සිරිකොත ප්‍රකාශකයා පැවසීය.