ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරයට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පත්වීම නිසා පුරප්පාඩු වන විපක්ෂනායක ධුරය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදෙන ලෙස එක්සත්
ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමට සූදානම් වී සිටිති.

සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක ධුරය ලබාදෙන ලෙසට එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයන් කීපදෙනෙක් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනහකට වැඩි පිරිසක් දැනටමත් 

ලිපියකට අත්සන් තබා ඇති අතර, එම ලිපිය අද හෝ හෙට දිනයේ දී කථානායකවරයාට භාරදීමට සූදානම්ව ඇතැයි 'අද' පුවත්පතට වාර්තා වෙයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායකත්වය ද සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදෙන ලෙසටද එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් වෙනම ලිපියක් අත්සන් කර ඇති බවටද 'අද'ට වාර්තා වෙයි.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය තනතුරින් ඉවත් වුවද ඉදිරියේදී කුමනාකාරයෙන් කටයුතු කරන්නේද යන්න පිළිබඳ මේ දක්වාම ප්‍රකාශයට පත්කර නොමැත.

නැවතත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 03 වැනිදාය.