නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය ගැන සිත් තැවුලට පත් මාතර වල්ගම  ප්‍රදේශයේ පස් දරු පියෙකු එල්ලී මිය ගොස් ඇති පුවතක් ඊයේ (19) මාතර මහ රෝහලේ පැවති හදිසි මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.
එසේ මරුමුවට පත් වූයේ වල්ගම බැද්දේගම පදිංචිව සිටි
බංගලි විදාන ආරච්චිගේ චන්ද්‍රසේන (67) නැමැති රියැදුරෙකි.ඔහුගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (19) මාතර මහ රෝහලේ නාගරික හදිසි මරණ පරික්ෂක උසාවියේ දී පැවැත්විණි.
මාතර නාගරික හදිසි මරණ පරීක්ෂක ටී.එම්. ලලිත් ද සිල්වා මහතා ඉදිරියේ පැවති එහි සාක්ෂි විභාගයේ දී සාක්කි දුන් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ වන කුරුඳු හේවාගේ වර්ණලතා (62) මහත්මිය මෙසේ කීවාය. "අප විවාහ වී වසර 38 ක් වෙනවා. දරුවන් පස්
දෙනෙකු සිටිනචා. සැමියා රියැදුරෙකු ලෙස රැකියාව කරන අතර මත්පැන් හා දුම්වැටි පානය කිරීම ද සිදු  කරනවා. මීට මාස
කිහිපයකට පෙර අධි රුධිර පීඩනය රෝගයට ගොදුරු වීම නිසා සැමියා බෙහෙත් පානය කළා. පසුව ඔහු හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසු වුණා.
මට සැමියා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල පාක්ෂිකයෙකු වන අතර මා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකාවක කෙලෙස කටයුතු කරනවා. මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයා පරාජයට පත් වීම නිසා ඔහු තදබල  සිත් වේදනාවකට පත් සිටියා. මෙසේ සිටියදී පෙරේදා (18) උදැසන නිවසින් පිටත්ව ගිය සැමියා මත්පැන් පානය කර දහවල් 12.00 පමණ නිවසට පැමිණියා. දහවල් කෑමද
නොගෙන ඔහු මා සිටි කාමරය ඉදිරිපිට කාමරයට වී සිටියා.
සචස 2.30 පමණ මම නින්දේ සිටියදී දැවමහ හඩින් කෑ ගසන හඩ ඇසුණා. ඇහැරි බලනවිට සැමියා එල්ලෙමින් සිටියා. ඒ සමගම අසල්වාසීන් පැමිණ ඔහු පරික්ෂා කර මිය ගොස් ඇති බව කීවා. අපි ඒ ගැන ග්‍රාම නිලධාරීවරයාට හා පොලිසියට දැනුම් දුන්නා.
 පසුව මාතර නාගරික හදිසි මරණ පරීක්ෂක තුමා නිවසට පැමිණ සිරුර වැඩිදුර පරික්ෂණ සඳහා මාතර මහ රෝහලට රැගෙන යන ලෙස නියෝග කළා. තමා දැඩි ලෙය ඇලුම් කළ දේශපාලන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා
පරාජයට පත් වීම නිසා ඇති  වූ සිත් තැවුලෙන් ඔහු සිය දිවි හානි කර ගන්නට ඇති බව සිතනවා. මරණය ගැන සැකයක් නෑ.

මිය ගිය පුද්ගලයාගේ දියණිය වන වෙංගප්පුලි විදාන ආරච්චිලාගේ සමන්තිකා චතුරාණි (30) මහත්මිය ද මෙහිදී සාක්කි දුන්නාය. මෙහි මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සිසිර සෙනවිරත්න මහතා විසින් පවත්වන ලදී.
මරණ පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ සාක්ෂි හා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සැලකිල්ලට ගත් මාතර නාගරික හදිසි මරණ පරීක්ෂක ටී.එම්. ලලිත් ද සිල්වා මහතා ම‍ෙය ගෙල වැලලාගෙන සිදු කර ගත් හදිසි මරණයක් බවට නිගමනය කළේ. මාතර පොලිසියේ සැරයන්  27004 කළුතොට මහතා සාක්ෂි මෙහෙයවීය.
 (ක්‍රිෂාන් ජීවක ජයරුක්)