පැපුවා නිව් ගිනියාවට අයත්, බොල් දුපත් සමුහයේ ජනමත විමසුමක් පැවැත්වීමට නියමිතය. ඒ, පැපුවා නිව් ගිනියාවන් වෙන්වී වෙනම රාජ්‍යයක් වෙනවා ද නැද්ද යන තීරණය කිරිමටය.

ජනමත විමසුමට සහභාගී වී ඡන්දය දැමීමට, ලක්ෂ 2 කට වැඩි පිරිසක් සුදුසුකම් ලබා සිටින බවද පැවසෙයි.ජනමත විමසුමේ පළමු වටය හෙට (23) පැවැත්වෙයි. දෙවැනි වටය පැවැත්වෙන්න ඇත්තේ ලබන දෙසැම්බර් 7 වැනිදාය.

බෝගෙන්විල් දූපත් සමූහය පිහිටා ඇත්තේ පැපුවා
නිව් ගිනියාවට නැගෙනහිරීනි. මෙම දූපත් සමූහය සම්පත්වලින් බහුල වන අතර සංචාරකයන් අතරේ ප්‍රසිද්ධය. බෝගෙන්විල් දූපත් සමූහයේ ප්‍රධාන දූපත ද බොගේන්විල් ය. එහි ප්‍රමාණය වර්ග කිලෝ මිටර් 9,318 කි. 2011 වසරේ ලෝක බැංකු වාර්තා අනුව ජනගහනය 2,34,280 කි.

දූපත් සමූහයකින් සුසැදි පැපුවා නිවිගිනියාව පිහිටා ඇත්තේ පැසිෆික් සාගරයේ නිරිත දෙසිනි. 2017 ලෝක බැංකු වාර්තා අනුව පැපුවා නිව් ගිනියාවේ ජනගහනය මිලියන 8.251 කි. පැපුවා නිව්ගිනියාව ද සංචාරක ආකර්ශයකි.

පැපුවා නිව්ගිනියාව සහ බෝගෙන්විල් දූපත් සමූහයේ වැසියන් අතරේ වසර ගණනාවක් ගැටුම් පැවැතිණි. එම සිවිල් ගැටුම් අවසන් වූයේ සාම සැලැස්මකට අනුවය. සාම සැලැස්ම ක්‍රියාත්මක වි වසර 18 ක් ගත වී ඇත. බෝගෙන්විල් දූපත් සමූහ පැපුවා නිව්ගිනියාවේ කොටසක් බවට පත් වූයේ එම සාම සැලැස්මට අනුවය.

කෙසේ නමුත් මේ වනවිට බෝගේන්විල් දූපත් වැසියන් ඉල්ලා ඇත්තේ ඔවුන්ගේ දූපත් සඳහා ස්ව පාලනයක් හෝ බෝගෙන්විල් දූපත් සමූහය වෙනම රාජ්‍යයක් බවට හෝ පත් කරන ලෙසය. ජනමත විමසුම පැවැත්වෙන්නේ එහෙයිනි. වෙනම රාජ්‍යයක් වීමට අවශ්‍ය යැයි බෝගෙන්විල් දූපත් වැසියන් කැමැත්ත පළ කළොත්, ලෝක සිතියමට අලුතින් දූපත් රාජ්‍යයක් එක් වනු ඇති බව ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.


බොගෙන්විහිදි (රොයිටර්ස්)