එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එම් එච් ෆවුසි මහතා
ජාතික ලැයිස්තු
මන්ත්‍රී ධුරයෙන් ඉවත් කර එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති හටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පත් කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මින් ඉහත මලිත් ජයතිලක ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයාට ඉවත්වන ලෙස ඉල්ලා ඒ වෙනුවට මෛත්‍රී ඇතුළට ඒමට උත්සාහ දැරූ නමුත් මලිත් ජයතිලක එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව සැල විය.
ඒ අනුව ෆවුසි මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වූ සැනින් මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙනු ඇතැයි ද  අනතුරුව ඇමති ධූරයක දිවුරුම් දෙනු ඇතැයිද වාර්තාවේ.