‘ආතතිය අධිකයි - මැ.කො. සභාපති ඉවත් වෙන්න යයි’ යනුවෙන් 2019 නොවැම්බර් 08 වැනිදා දිනපතා
අරුණ පුවත්පතේ මුල්පිටුවේ
පළවූ පුවත සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම පුවත්පත වෙත කරුණු පැහැදිලි කරමින් ලිපියක් යවා තිබේ.
එයින් කියැවෙන්නේ ඔහු කිසිදිනක මෙවන් ප්‍රකාශයක් නොකළ බවයි.

දෙරණ රූපවාහිනි නාළිකාවේදී 2019/11/07 දින පැවැති සාකච්ඡාවේදී මා පැවැසුවේ ‘ආතතියක් නැත. එනමුත් වෙහෙස බවයි’ යනුවෙන් පමණක් බවද මහින්ද දේශප්‍රිය මහතා සිය ලිපියෙහි සඳහන් කර ඇත. ‘මානසික ආතතිය’ වදයක් වීම නිසා සභාපති ධුරයෙන් අස්වන බවක් තමන් කිසිවිටක නොකී බවද ඔහු එම ලිපියෙහි සඳහන් කර ඇත.