ස්වාධීන රූපවාහිනී සේවයේ දේශපාලන සාකච්ඡා යනාදිය අත්හිටුවමින් මැතිවරණ කොමිසම පෙරේදා නිකුත් කළ නියමය ඊයේ බල රහිත කර තිබේ.

මැතිවරණ කොමිසමේ
සභාපතිවරයාගේ අත්සනින් ස්වාධීන රූපවාහිනීයේ සභාපතිනියට යැවූ ලිපියක දැක්වෙන්නේ පෙර දින කොමිසම කළ නියමය සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් ඉදිරිපත් වූ නියෝජන සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

විශේෂයෙන් එක් රූපවාහිනී නාලිකාවට පමණක් මෙවැනි නියමයන් නිකුත් කිරීම හේතුවෙන් වෙනස්ව සැලකීමක් සිදුවන බවට ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබෙයි.
පුද්ගලික නාලිකා වලට මෙම නීති පැනවීමට හැකියාවක් නැති බවද කොමිසමේ සභාපති දැන්වූ අතර මේ හේතුවෙන් නීති උල්ලංගණය කරන ිසයලු පාර්ශ්වයන්ට සාධාරණව දඩුවම් පැනවීමේ ක්‍රමවේදයක් නොවම මත මෙම තීරණය ගෙන ඇත.