හබරාදුව ප්‍රාදේශීය සභාවේ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ  මන්ත්‍රී බී.ඒ. කපිල පුෂ්පකුමාර මහතා මීට මාස හතරකට පමණ ප‍ෙර වූ පොරොන්දුවක් ඉටුකරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා  ජනාධිපතිවරණයෙන්
ජයග්‍රහණය කිරීමෙන් පසු
සිය රැවුල ගම්වැසියන් ඉදිරියේ කපා දැමනු ලැබීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ  මෙවර ජනාධිපතිවරණයේදි  ජය ගන්නා බවත්. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් ජය ලබා ජනාධිපතිධුරයට පත්වන බැව් .ඒ. කපිල  පුෂ්පකුමාර මන්ත්‍රීවරයා විසින් මිට වසර හතරකට පමණ ඉහතදි ගම්වැසියන්ට පමන්ම හබරාදුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී මණ්ඩලය වෙත පොරොන්දුවක් ලබාදී තිබුණි. එසේ නොවී ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණ පරාජය වුවහොත් ජීවිත කාලය පුරාම රැවුල වවන බව ඔහු ගම්වැසියන්ට කීවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය  කිරීමත් සමගම මිත්‍රී කපිල පුෂ්පකුමාර මහතා පෙරේදා (18) ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයේ දිව්රුම් දීමත් සමගම ගම්වාසින් ආදර 2ටදිම රැවුල කපා දැමනු ලැබීය.
(යක්කලමුල්ල - ජේ.කේ.එල් චාමින්ද)