හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා “උපස්ථ සැලැස්මක්” (බැකප් ප්ලැනක්) ලෙස ජනපති තරගයට
ඉදිරිපත් කළ බව අද

ගෝඨාභයට එරෙහි පෙත්සම් විභාගයේ තීන්දුවෙන් අනතුරුව ජනිපෙ නායක විමල් වීරවංශ පිළිගත්තේය.
ඒ ඔහුගෙන් ඒ ගැන කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසයි.
ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා චමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කිරීම මැතිවරණ කොමිෂන් සභාව වෙත සවස ගිය කණ්ඩායමක් සිදු කර තිබූ අතර එමගින් ඉදිරියට ගෝඨාභයට අපේක්ෂකත්වය නොලැබුණොත් චමල් ඒ වෙනුවෙන් තරග කිරීම අභිප්‍රාය ලෙස හඳුනාගෙන තිබුනි.

“ඒ ගැන කරදර විය යුතු නැහැ. ඒක බැකප් ප්ලැනක් ”යැයි විමල් ගත් කටටම ඒ ගැන කියා සිටියේය.

චමල් රාජපක්ෂ මහතා ලබන සඳුදා නාමයෝජනා භාරගැනීමට පැමිණෙන්නේද නැතිනම් ගෝඨාභයට අවස්ථාව සලසා නිහඩ පිළිවෙතක් අනුගමනය කරනු ඇද්ද යන්න තවම ප්‍රකාශවී නැත.