පසුගියදා ශ්‍රීලනිප මාධ්‍ය හමුවකදී මහින්ද අමරවීර මන්ත්‍රීවරයා දන්වා සිටියේ ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ගෝඨාභය රාජපක්ෂ වෙත ලබාදීමට තොණ්ඩමන් කැමැත්ත පළකර ඇති බවයි.

කෙසේ වෙතත් ලංකා කම්කරු කොංග්‍රසයේ මතය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මතය නොවන බව ලංකා කාම්කරු කොංග්‍රසයේ උප සභාපති . මධ්‍යම පලාත් හිටපු ඇමති එම්.රමේශ් මහතා පවසයී.
ජනාධිපතිවරණයෙදී ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂයේ සහයෝගය කුමන අපේක්ෂකයාට 
ද  යන්න තවම තීරණය කර නැති බව ඔහු පැවසීය.
ලංකා කම්කරු කොංග්‍රසයේ තිරණය එළඹෙන (13)  වන ඉරිදා කොටගල ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂ මුලස්ථානයේ පවත්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමකින් පසු දැනුම් දීමට කටයුතු කරන බවද පැවසීය.
 ඊයේ (09 ) ශ්‍රි ලංකා  නිදහස් පක්ෂය මාධ්‍ය සාකච්ඡාවකදී කියැවුනේ එම පක්ෂයේ අදහසක් විය හැකි නමුත්  තම පක්ෂයේ තීරණය නොවන බවට අවධාරණය කරන හෙතෙම එකිනෙකා ඔවුනොවුන්ට වාසි වන පරිදි ලංකා කම්කරු කොංග්‍රසය ගෝඨාභය රාජපක්ෂ මහතා ට සහය දෙන බවත්, ඇතමෙක් සජිත් ප්‍රේමදාස මහතාට සහය දෙන බවට ප්‍රචාරය කළද තම පක්ෂය ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් පැවසීය.

(මස්කෙළිය-ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)