ඊයේ ඇතිකරගත් එකඟතාවයක් අනුව නාගානන්ද කොඩිතුවක්කු මහතා ජනසෙත පෙරමුණේ  ජනාධිපතිධූර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන් වෙත
සහාය පළ කිරීමට තීරණය කර ඇත.
ජනපතිවරණයට ඉදිරිපත්වීමේ අදහසින් මාස ගණනාවක සිට ප්‍රවර්ධන කටයුතුවල යෙදුණ නාගානන්ද අවසන් මොහොතේ තාමට පක්ෂයක් නැතිවූ නිසා තරග කරන්නට බැරිව ගිය බව දන්වා තිබුණි.
ඔහුගේ එක්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් බත්තරමුල්ලේ සීලරතන හිමියන් මෙලෙස ප්‍රකාශ කර තිබේ.

අපි දන්නවා නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ හොඳ හොඳ ප්‍රතිපත්තියක් ඒ වගේම ව්‍යවස්ථාවක් තිබුණා. එම ව්‍යවස්ථාවට මම මුලක ඉඳන්ම කැමතිව හිටියා. හේතුව එතුමාගෙ ව්‍යවස්ථාවයි මගේ ව්‍යවස්ථාවයි කිසි වෙනසක් නෑ. නමුත් ඇතැම් අය එතුමාව නොමග යවලා, එතුමාට අවස්ථාව දෙන්නම් කියලා ඒ ගමනට බාධා කරා.

නමුත් එතුමා එදා මගෙන් ලිඛිත ඉල්ලීමක් කළානම් අද වගේම මම එතුමට ඒ අවස්ථාව ලබා දෙනවා. සියළුම ජනතාව අප සමඟ ඒකරාශී වෙන්න. නාගානන්ද මහත්තයට මම මේ සියළු මැතිවරණ කටයුතු බාර දෙනවා. මේ සටනෙදි අපි ජයග්‍රහණය කළොත් මෙතුමාගේ ව්‍යවස්ථාව සමඟ අපි ඉදිරියට වැඩ කටයුතු කරනවා.