ජනාධිපතිවරණයෙන් අනතුරුව පැවැත්වෙන සියලූ මැතිවරණවලදී සාමූහිකව තීන්දු ගැනීම සදහා  ලංකා නිදහස් පොදුජන සන්ධානය අත්සන් තැබීම අද සිදුවිය. ශ්‍රීලනිප ශ්‍රීලපොජපෙ  හා දේශපාලන පක්ෂ 17ක
ලෙකම්වරුන් සර්ව ආගමික ආශිර්වාද මැද අද (31) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී මෙම නව සන්ධානයට අත්සන් තැබිම සිදුකරනු ලැබූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට සහභාගි විය. 
ශ්‍රීලනිපය ගෝඨා සමග එක්වන බවට තුන්වන

වතාවටත් අත්සන් තැබීම ඒ අනුව සිදුවූයේ දයාසිරි ජයසේකරගේ අත්සනත් සමගිනි.
මහජන එක්සත් පෙරමුණ ශ්‍රී  ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය , ලංකා සමසමාජ පක්ෂය , ප‍්‍රජාතන්ත‍්‍රවාදි වාමාංශක පෙරමුණ ,
ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා කම්කරු කොංග‍්‍රසය, ඊළාම් ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ජාතික කොංග‍්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දමිල මහජන විමුක්ති සංවිධානය ,විජය ධරණී ජාතික සභාව ,එක්සත් මහජන පක්ෂය, මුත්පෝක්කුත් තමිලර් කච්චි පක්ෂය මෙම ගිවිසුමට අත්සන් තැබීය.