ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කර ඇති සියළු අපේක්ෂයන්ට හෙට(06) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස දන්වා ඇතැයි එම කොමිසම සඳහන් කරයි.
7 වැනිදා පැවැත්වීමට
නියමිත නාම යෝජනා භාර ගැනීමේ වැඩපිළිවෙල සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව ඔවුන් දැනුවත් කිරීමට මෙම කැඳවීම සිදුකර ඇති බවත් හෙට පෙරවරු 8.30 සිට මධ්‍යහ්න 12.00 දක්වා එම කටයුතු සිදුකිරීමට නියමිත බවත් වාර්තා වේ.

ඇප මුදල් භාර ගැනීම හෙටින් අවසන් වන අතර මේ වනවිට අපේක්ෂකයන් 33 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. ඒ අතර පිළිගත් දේශපාලන පක්ෂ 16ක අපේක්ෂකයින් සහ වෙනත් පක්ෂ 3ක අපේක්ෂකයින් ද ස්වාධීන අපේක්ෂකයින් 14 දෙනෙකු ද ඇතුළත් ය.